ඇමරිකා-ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ පොත ජනපතිට

75

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් පිහිටි ඇමරිකා-ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය මගින් සම්පාදනය කරන ලද Kingdom of Ruhuna ග්‍රන්ථය එහි සංස්කාරක හා සංගමයේ සභාපති සූරිය කුමාර ජයලත් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇමරිකාවේදී පිළිගන්වන ලදි. ඇමරිකාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදී එහි ප්‍රථම අංගය ලෙස මෙම පොත පිළිගැන්වීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment