ඇමැති අණින් වැඩ තහනම් වූ පොස්පේට් නිලධාරියාගේ වැටුප ඉක්මනින් දෙන්න සලකා බලනවා – නීතිපති උසාවියට කියයි

166

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ නියෝගයක් අනුව වැඩ තහනමට ලක්කර වැටුප් අත්හිට වූ එප්පාවල ලංකා පොස්පේට් ආයතනයේ වෙළෙඳ කළමනාකාර අසෝක අබේසිරි මහතාට ලැබිය යුතු වැටුප් ඇතුළු පෙත්සමෙන් ඉල්ලා ඇති සහන කඩිනමින් ලබාදීම ගැන සලකා බලන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (07දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අසෝක අබේසිරි මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නාය. ඒ සම්බන්ධයෙන් ලබන 13 වැනිදා ලිඛිතව අධිකරණය දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට නියෝග කළහ. රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළහ. නීතිඥ සුනිල් වටගල මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment