මුරලිගේ 800 බලන්න සචින් සහ සනා යති

210

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් කර නිර්මාණය වුණු 800 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය 05 වැනිදා ඉන්දියාවේදී එළිදැක්විණි.

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුල්කාර්, ජාත්‍යන්තරය වගේම ඉන්දියාවේද අතිශය ජනප්‍රිය ක්‍රීකට් ක්‍රීඩකයෙකු වූ සනත් ජයසූරිය මේ සඳහා සහභාගි වූහ. තත්ත්පර 186 කින් යුතු ප්‍රචාරක පටයක් ලෙසින් මෙය නිකුත් කෙරිණි.

මුරලිගේ 800 බලන්න සචින් සහ සනා යති

මෙහි ප්‍රධාන චරිතය පණ පොවන්නේ ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ Slumdog millionaire චිත්‍රපටයටද රංගනයෙන් දායක වූ Madhur Mittalය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය M.S. Sripathi විසිනි. මෙම චිත්‍රපටය සඳහා ඉන්දියානු මෙන්ම ලාංකීය රංගන ශිල්පීන්, ශිල්පිනියන්ද යොදාගෙන ඇත. දමිළ, හින්දි හා තෙළිඟු භාෂා වලින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය මෙම වසරේ ඔක්තෝම්බර් මස 06 වැනිදා සිට තිරගත කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුරලිගේ 800 චිත්‍රපටයට පාදක වී ඇත්තේ සිංහල කලහකාරීන් පිරිසක් ගිනිතබා විනාශ කළ වතුකරයේ ව්‍යාපාර හිමි පවුලකින් පැවත එන දෙමළ තරුණයෙකු ජාතික ක්‍රිකට් කණ්ඩායමට සේන්දු වූ ආකාරයයි.

● දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment