උද්ධමනය 70% පනී

90

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මස උද්ධමනය ප්‍රථම වතාවට සියයට 70 ද ඉක්මවා යමින් සියයට 70.2 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉකුත් ජූලි මස පැවැති උද්ධමනය සියයට 66.7 ක් විය.

මුළු උද්ධමනය නියෝජනය කරන ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූලි මස පැවැති සියයට 82.5 සිට අගෝස්තු මාසයේදී සියයට 84.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉකුත් ජූලි මාසයේදී පැවැති සියයට 52.4 සිට අගෝස්තු මාසයේදී සියයට 57.1 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉකුත් ජූලි මාසයට සාපේක්‍ෂව අගෝස්තු මාසයේදී මාළු, බිස්කට් වර්ග, බිත්තර, පලතුරු, කුකුළු මස්, ළදරු කිරිපිටි, කරවල, එළවළු, ටින් මාළු, කිරිපිටි, පොල් තෙල්, පාන්, නූඩ්ල්ස්, තිරිඟුපිටි, හාල්පිටි, මිරිස්කුඩු සහ ලුණු යනාදී ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment