උසස් පෙළ ප්‍රතිඵල අද

4192


උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල අද (04) සවස් වන විට නිකුත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසා සිටී.

මේ අතර මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බොහොම අමාරුවෙන් අපි වෙනදට වැඩිය කෙටි කාලයක් ඇතුළ දී ප්‍රතිඵල දෙනවා. හැබැයි ඊළඟ උසස්පෙළ විභාගය තියෙන දිනයත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒක වෙනස් කිරීමේ කිසිම අදහසක් නැහැ යැයි හෙතෙම පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment