එන්නත් දෙකම ගත්තොත් කොරෝනා මට්ටුවේ

755

කොරෝනා වෛරස මර්දන එන්නත් දෙකම ලබාගත පුද්ගලයින් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට පැතිරීමේ හැකියාව සියයට 65කින් (65%) පහළ බසින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යා සහ ෙසෙල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එසේම ඩෙල්ටා, වෛරසය ආසාදනය වූ රෝගියෙකුගෙන් අන් අයට පැතිරීම ආරම්භ වන්නේ රෝගය ආසාදනය වී දින දෙකකට පසු බව ද සඳහන් කරයි.

නමුත් මීට පෙර සිදු කළ කොරෝනා වෛරසය ආශ‍්‍රිත සොයා ගැනීම්වලදී වාර්තාවී තිබුණේ වෛරසය වැළඳුන කෙනෙකුගෙන් පැය 12කට ආසන්න කාලයකදී එය අන්අයට පැතිරීම ආරම්භ කරන බවය.

කොරෝනා ආසාදිතයකුගේ රෝ්ග ලක්ෂණ පෙන්නුම් කරන කාලය ආසන්න වශයෙන් දින පහමාරේ සිට හයක් දක්වා දිගු වන බව ද නවතම සමීක්‍ෂණ අනුව හෙළිවී ඇතැයි පවසන ඒ මහතා මීට පෙර වාර්තාවී තිබුණේ දින තුනක් හතරක් අතර කාලයකදී රෝග ලක්‍ෂණ පෙන්නුම කරන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

උපාලි ද සේරම
 

advertistmentadvertistment
advertistmentadvertistment