ඔන්ලයින් පනත කල් දාන්න – සජිත් කථානායකගෙන් ඉල්ලයි

54

හෙට (23) සහ අනිද්දා (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දැමීමට පියවර ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

ප්‍රමාණවත් කාලයක් ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයටද ගරු කරමින් සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සංවාදයකට අවතීර්ණවී සැමට පිළිගත හැකි ප්‍රායෝගික පනත් කෙටුම්පතක් හදන තෙක් මෙම පියවර ගන්නැයිද ඔහු ඉල්ලා තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ බහුතරයක් වගන්ති සඳහා සංශෝධන ඉදිරිපත් නොකරන්නේ නම් එය විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා එවැනි පනතකට පෙර මාර්ගගත සේවා සපයන ආයතනවල පරිශීලකයන්ගේ සහයෝගය ද ලබා ගැනීම කළ යුතු බව ද පෙන්වා දී තිබේ. තවද මේ සඳහා සියලු පාර්ශ්වවල අදහස් ලබා ගැනීමක් හෝ නිසි පිළිගත හැකි ක්‍රියාවලියක් අනුගමනය කර නැති බවත් මෙවැනි පනතකින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස කඩවන බවත් එමගින් අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment