ඕ. අයි.සී.ලා මාරු කිරීම ගැන අහන්න පොලිස්පතිට අද උසාවි එන්න කියයි

17

පසුගිය 2022.05.09 වැනිදා ගාලු මුවදොර අරගල භූමියේ සිටි නිරායුධ අරගලකරුවන්ට අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අමානුෂික ලෙස පහරදීමෙන් අනතුරුව රටපුරා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මර්දනය කිරීමට අපොහොසත් වූවේ යැයි චෝදනා කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට වහාම ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් අද (05දා) පෙරවරු 10.00ට පෞද්ගලික අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට වහාම නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04දා) නියෝග කළේය.

අධිකරණය හමුවේ පෙනී සිටින විට පෙත්සම්කාර දඹුල්ල, බියගම, දන්කොටුව, හෙට්ටිපොල හා වාරියපොල පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන්ට එකී ස්ථාන මාරුවීම් ලබාදීමට අදාළ සියලු ලේඛන හා ලිපිගොනු රැගෙන එන ලෙසට ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු හා ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පොලිස්පතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය. සිය සේවාදායකයන්ට මෙතෙක් කිසිදු සාධාරණයක් සිදුවී නොමැති බවත් ස්ථානාධිපති තනතුරුවලින් ඉවත් කොට වෙනත් තනතුරුවලට අනුයුක්ත කළ ඔවුන්ව දුර පළාත්වලට යළි මාරුකර හැරීමේ වෑයමක් පිළිබඳව දැනගන්නට ලැබී ඇති බවත් පෙන්වා දෙමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment