කාන්තාවකට පොල්ලකින් ගැසූ විශ්‍රාමික උප පොලිස් පරීක්‍ෂක අත්අඩංගුවට

67

කාන්තාවකට පොල්ලකින් පහරදීම සම්බන්ධයෙන් විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාකියදෙණිය පදිංචි 60 හැවිරිදි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකි.

නාකියදෙණිය පදිංචි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඊයේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතාගේ උපදෙස් පරිදි යක්කලමුල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment