ගත්ත ණය ගෙවනු බැරි උගුලක රට සිරවෙයි! – ශ්‍රේණිගත කිරීමෙනුත් පහළට – ෆිච් රේටින්ස් කියයි

362

ඉදිරි මාසවලදී ශ‍්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් පැහැර හැරීමක් සිදුවීමට ඇති හැකියාව වැඩිවී ඇතැයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ස්  (Fitch Ratings) පවසයි’

එම ආයතනය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මේ බව සඳහන් කර ඇත’

මේ අනුව ෆිච් රේටින්ස් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය ගෙවීම් පැහැර හැරීමේ (Issuer Defaulf/IDR)  ශ්‍රේණිගත කිරීම ‘CCC’  මට්ටමේ සිට ‘CC’  දක්වා පහත හෙළා තිබේ’

විශාල විදේශ ණය ගෙවීම් සිදු කිරීමට තිබීම” ලංකාවට ලැබෙන විදේශ මුදල් සීමිත වීම සහ ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත පහත වැටීම නිසා ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් තිබෙන බව ෆිච් රේටින්ස් ආයතනය පවසයි’

සිය අවසන් සමාලෝචනයේදී බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහත වැටී ඇති බවත් ඒ සඳහා ඉහළ ආනයන වියදම් දැරීමට සිදුවීම සහ රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළට සිදුකරන මැදිහත්වීම් හේතුවී ඇත’ පසුගිය අගෝස්තු මාසයේ සිට ඇමරිකානු ඩොලර් බිලියන දෙකකින් පමණ විදේශ සංචිත පහත වැටී” නොවැම්බර් මස අගවන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 1’6 ක් දක්වා අඩුවී ඇති බවත් එය මසකටත් වඩා අඩු ආනයන වියදම් පියවා ගැනීමට පමණක් ප‍්‍රමාණවත් වන බවත් ෆිච් රේටින්ස් ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වේ’

එම ආයතනය සඳහන් කරන්නේ 2020 අග සිට ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක පමණ විදේශ විනිමය සංචිත පහත වැටී ඇති බවයි’ එම ආයතනය නිකුත් කළ වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ’

2022 සහ 2023 වසරවලදී නව විදේශ මුදල් ප‍්‍රභවයන් නොමැති නම් ශ‍්‍රී ලංකා රජයට විදෙස් ණය ගෙවීම් සපුරාලීමට දුෂ්කරවනු ඇතැයි අපි විශ්වාස කරමු’ මේ ණය පියවීම්වලට 2022 ජනවාරි මස ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 500 ක සහ 2022 ජුලි මාසයේ ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම් ඇතුළත් වේ’ 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6’9 ක විදේශ ණය වාරික හා පොලී ගෙවීමට තිබෙන අතර එය නොවැම්බර් මස අගදී පැවැති විදේශ සංචිත මෙන් සියයට 430 ක විශාල වටිනාකමකි’ එසේම වර්ෂ 2022 සිට 2026 දක්වා ශ‍්‍රී ලංකාවට රු’ බිලියන 26 ක සමස්ත විදේශ ණය වාරික හා පොලී ප‍්‍රමාණයක් ගෙවීමට තිබේ’

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment