ගම කෑ ‘වැඩි සූර්’ පොලිසියෙත් පිස්සු නටලා

473

ගල්පාත බහුරුපොල ප‍්‍රදේශයේ දී ප‍්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අසෝබන ලෙස හැසිරුණු පානදුර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකු ඊයේ (21 දා* පස්වරුවේ ප‍්‍රදේශවාසීන් විසින් ලයිට් කණුවක බැඳ තබා කළුතර උතුර පොලිසියට භාරදී තිබේ.

පානදුර ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, නාරම්පිටිය කොට්ඨාසයෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරයකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිසිය කීය.

එදින මන්ත‍්‍රීවරයා තවත් පිරිසක් සමග ගල්පාත ප‍්‍රදේශයට පැමිණ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර පිරිසෙන් මගහැරුණු මන්ත‍්‍රීවරයා ගල්පාත, බහුරුපොල ප‍්‍රදේශයේ ප‍්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අසෝභන ලෙස හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.

ඒ අනුව ප‍්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කිහිපයක් ගෙන අසල ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත‍්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර මන්ත‍්‍රීවරයා පොලිස් සිර මැදිරිය තුළදී ද අසෝභන ලෙස හැසිරී ඇති අතර ඊයේ රාත‍්‍රියේම නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු , සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කොට සිටි බවට තහවුරුව ඇතැයි පැවසේ.

සැකකරු ඊයේ (22 දා) කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජීවන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment