ගාසා තීරයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊජිප්තුවට

230


ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු රෆා පිවිසුම හරහා අද දහවල් ඊජිප්තුවට ළඟාවනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීම සඳහා ලැබී ඇති අවසරය අනුව මෙලෙස පැමිණෙන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ශ්‍රී ලාංකික පවුල් 03කට අයත් පුද්ගලයින් 17 දෙනෙකුට ඒ සඳහා අවසර හිමි ව තිබුණ ද ඉන් දෙදෙනෙකු පලස්තීනයේ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment