ජනපති එන උත්සවයට සමෘද්ධියෙන් ලක්‍ෂ 52ක් අදින්න හදනවා – වසන්ත සමරසිංහ චෝදනා කරයි

147

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී පැවැත්වෙන අස්වැසුම සමාරම්භක උළෙල සඳහා සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදලින් රුපියල් ලක්ෂ පනස් දෙකක මුදලක් වැය කිරීමේ සූදානමක් පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි සාමූහිකය ගොඩ නැගීමේ වැඩසටහනෙන් අනතුරුව පෙරේදා (20 දා) අනුරාධපුර නගරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේද කීය.

සමෘද්ධි ව්‍යාපාරයේ පවතින ක්ෂුද්‍ර මූල්‍ය අරමුදලින් රුපියල් ලක්ෂ 30ක් සහ සමාජ ආරක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ 22ක් වශයෙන් මෙම අස්වැසුම සමාරම්භක උළෙල සඳහා වැය කිරීමට නියමිතයි.

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බරපතල අසාධාරණයක් සිදුව තිබෙනවා. ජනතාවට සුබසාධනය සිදු කරනවා වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන එන ලද යෝජනාවට අනුව අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment