ජනපති රනිල් හැකි සෑම විටම නීතිය සෙල්ලමට ගන්නවා – නිදහස ජාතික සභාවේ නායක ඩලස් අලහප්පෙරුම

72

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරන්න පැකිලෙන්නේ නෑ. හැකි සෑම අවස්ථාවකම ඔහු නීතිය සෙල්ලමකට ගන්නවා. මේ පූර්වාදර්ශය අප රට විධායක ජනාධිපති ක්‍රමයේ නරකම පූර්වාදර්ශය යැයි නිදහස ජාතික සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

නාවල කොස්වත්ත ‘නිදහස’ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය ඇමතූ අලහප්පෙරුම මහතා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය, ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභා වැනි ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන ආයතනවලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් හෝ බලය රැකගැනීමයි ආණ්ඩුවේ උවමනාව.

සල්ලි නැහැ කියලා ඡන්ද කල් දමන ලෝකයේ එකම රටට තියෙන හොඳම විසදුමත් ඒකයි. එක ආයතනයක බලය ගෙන රැල්ලක් මවා අනෙක් ආයතන ඩැහැ ගැනීමේ අශිෂ්ඨ ක්‍රමවේදය වලක්වා ගෙන රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවෙමින් කාලය නාස්ති නොකොට මේ වසරේ සැප්තැම්බර් 18 ඔක්තෝම්බර් 18 කාලය අතරතුර ජනාධිපතිවරණය සමග මහමැතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහ ජනාධිපතිවරයාට යෝජනා කළ මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් නිදහස ජනතා සභාවේ පූර්ණ සහය ලබා දෙන බව ද අවධාරණය කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment