ජනාධිපති ඉන්දියාවට – 05ක් වැඩ බලති

73

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (20 දා) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින කාලයේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීම සඳහා අමාත්‍යවරු කිහිපදෙනකු පත්කර ඇත.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙසත්, ෂෙහාන් සේමසිංහ මහතා මුදල් ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසත්, දිලුම් අමුණුගම මහතා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙසත්, කනක හේරත් මහතා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, අනූප පැස්කුවල් මහතා කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත් වැඩබැලීම සඳහා පත්කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment