ඩොලරය අද අදහන්න වෙලා – පිටරටින් ණය ඉල්ලා ජීවත්වීමට පුරුදුවෙලා

138

නත්තල් දේව මෙහෙයේදී කාදිනල්තුමෝ කියති

අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය නොකර අද අප පිටරටින් ණය ඉල්ලා ජීවත්වීමට පුරුදුවී සිටිනවා යැයි පන්නිපිටිය ක්‍රිස්තුරාජ දෙව් මැඳුරේ ඊයේ (25 වැනිදා) පැවැති නත්තල් දේව මෙහෙයේදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය.

එහිදී තවදුරටත් කතා කළ කොළඹ අගරදගුරුතුමෝ මෙසේද කීහ.

‘දෙවියන් වහන්සේ අපට රටක් දීලා තියෙනවා. මේක වටිනා පොළවක්. නිදහස් වෙළෙඳ ආර්ථිකයක් බිහිවී තිබෙනවා. අපි පිටරටින් බොහෝ භාණ්ඩ ගෙන්වා ගැනීමට පුරුදුවී සිටිනවා. මේ ආර්ථිකය තුළින් අපේ ණය බර ගෙවා ගැනීමට නොහැකිවී තිබෙනවා. ‘ඩොලරය’ තමයි අද අදහන්න වෙලා තියෙන්නේ. පරිසරය අද විනාශ වෙමින් යනවා. වෙනදා සීනි වැනි දේ එතුවේ කඩදාසිවලින්. අද පොලිතින් උර, සිලි සිලි බෑග් පරිසරයට හානිදායක තත්ත්වයක් වෙලා. කෙරවලපිටියේ තිබූ කුණු කන්දක් ගොඩගහගෙන. මේ සියලු දෙනා පරිසරයට ගරු කළ යුතුයි.

පාරිභෝගිකවාදය අද දකින්නට ලැබෙනවා. මාධ්‍ය මගින් ප්‍රචාරය කරන වෙළෙඳ දැන්වීම්වලින් පාරිභෝගිකවාදය ප්‍රචලිත කරනවා. මේ සැරේ නත්තලේදී අහිසංක ජනතාවට අපි උදව් කළ යතුයි. අද සමහර අය අනුන් පාවා දී ඉදිරියට යන දූෂණය,

තණ්හාව, කෑදරකම එක්තරා මාවතක ගමන් කරන බවත් පෙනෙනවා. සාධාරණය ඉටුවෙලා නැහැ. භයානක සමාජ පරිවර්තනයක් වෙලා. පොහොසත්කම අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමට සමහර දෙනා පුරුදුවෙලා තියෙනවා.

පුහු මාන්නයෙන් ලෝකය තනාගෙන අද එක එකාට බැණ බැණ ඉන්නවා. බොරු ආටෝප නතර කරලා ප්‍රතිපත්ති ගරුක සමාජයක් ඔස්සේ අප යා යුතුයි. උදා වූ නත්තලේ අපි තවත් පවුලකට උදව් කළ යුතුයි. කිතුණු උපතේ පණිවුඩය එයයි. උන්වහන්සේ ගව ඔරුවේ උපත ලබා ලෝකයට පණිවුඩයක් දුන්නා. එහෙම උන්වහන්සේ කුරුසය මත ජීවිතය පූජා කර සමාජයට පණිවුඩයක් දුන්නා. අද ලොකු ලොකු දේවල් කර පස්සට යනවා.
නෝමන් පලිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment