ණය දෙන ආයතන නියාමනයට නව නීති – අතුරුදන් වූ ලක්ෂ 50 තවමත් නෑ

141

අලුත් නීතියක් යටතේ ඉදිරියේ දී සියලු ණය දෙන ආයතන ද නියාමනයට ලක් කෙරෙනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ණය නියාමන අධිකාරිය යන නීති පද්ධතිය තුළින් ඉදිරියේ දී එය සිදුවනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

එම මුදල් අමාත්‍යාංශය යටතේ සිදුවනු ඇති බව ද ඒ අනුව ඉදිරියේ දී ණය දෙනවා නම් එම ආයතනවලට ඉදිරියේදී ලියාපදිංචි වී අදාළ නියාමනයන්ට යටත්ව ඒ කටයුතු සිදු කිරීමට සිදුවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙතෙක් ණය දෙන ආයතන නියාමනයට ලක් නොවූ බව ද මේ නීතිය යටතේ ඒවා ඉදිරියේ දී නියාමනයට ලක්වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මහ බැංකුවෙන් අතුරුදන් වූ රු. ලක්ෂ 50 ක මුදල ලැබුණේ දැයි මෙම මාධ්‍ය හමුවේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා එම මුදල් තොගය අතුරුදන් වීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව කිවේය.

මෙවැනි මුදල් බණ්ඩලයක් අතුරුදන් වී ඇත්තේ මහ බැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද වාර්තා වේ.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන ඉවට් ප්‍රනාන්දු සහ නෙලුමානි දවුලගල යන මහත්මීහු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment