තරගය ජයග්‍රහණය කළ පසු ලාරා සතුටු කඳුළු හෙළයි

418

ඔස්ට්‍රේලියා බිමේදී වසර විසි හතකට පසුව ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (28 වැනිදා) සමත් විය.

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පැවති එම තරගයේ ජයග්‍රහණය හඹා ගිය සත්කාරක කණ්ඩායම ලකුණු 207කට සීමා කරමින් බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 8 කින් එම ඉතිහාසගත ජයග්‍රහණය ලැබූහ.

තරගය ජයග්‍රහණය කළ පසු ලාරා සතුටු කඳුළු හෙළයි

මෙම විශිෂ්ට ජයග්‍රහණයෙන් සතුටට පත් වූ කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයන් වන බ්‍රයන් ලාරා හා කාර්ල් හූපර් සතුටු කඳුළු සලමින් එම ජයග්‍රහණය සමරන අයුරු දක්නට ලැබිණි.

කොදෙව් කණ්ඩායමට එම ජයග්‍රහණය ලබා දීමට දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශමාර් ජෝසප් ලකුණු 68 කට කඩුලු 7ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.

එම ජයත් සමග දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණු අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 91 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment