තිරප්පනේ කිරි ගොවියෝ නියඟය නිසා දැඩි අර්බුදයක

38

තිරප්පනේ හා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් කිරි ගම්මානවල කිරි නිෂ්පාදන කර්මාන්තයේ නිරත කිරි ගොවීන් හට මේ දිනවල පවතින දැඩි නියං සහගත තත්ත්වය නිසා දැඩි අර්බුදයකට ලක් වී ඇතැයි කිරි ගොවීහු පවසති.

වර්ෂාවක් නොමැතිව දැඩි වියළි කාලගුණය හේතුවෙන් කිරි ගවයන් හට ආහාරය පිණිස ලබා දෙන තෘණ වගාවන් වියළීම හා මියයෑම, වැව්වල ජලය හිඳීම හේතුවෙන්, අවශ්‍ය ආහාර හා ජලය නොමැතිව ඔවුන් දැඩි පීඩනයකට ලක් වී ඇති බවද ඔවුහු කියති.

මේ නිසා ඔවුන්ගේ කිරි නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස පහළ බැස ඇති බවත්, මේ හේතුවෙන් දේශීය කිරි කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්ද ඇතිවිය හැකි බවට ගොවීහු අනතුරු අඟවති.

කිරි ගවයන්ට ලබා දීමට ඇති ඛණිජ ද්‍රව්‍ය, වෙනත් සත්ත්ව ආහරවල මිල ගණන් වෙළෙඳපොළේ අධික ලෙස වැඩිවීම නිසා ගවයන්ට සාන්ද්‍ර ආහාර හෝ ලබාදීමේ

ගැටලුවක් පැන නැඟී ඇත. එහෙයින් කිරි ගොවියා රැක ගැනීමට නම් කෘතිම සාන්ද්‍ර ආහාර සඳහා සහන මිලක් ලබා දෙන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. නොඑසේ නම් රජරට කිරි කර්මාන්තය තවදුරටත් පවත්වා ගෙන යා හැකි බවද කිරි ගොවීහු කියති.

මේ දිනවල ඇතැම් මිනිසුන් විසින් කැලෑ හෙළිපෙහෙළි කිරීම නිසාත්, කැලෑ ගිනි තැබීම නිසාත් ගවයන්ට කෑමට ඇති ස්ථාන අහිමි වී ඇති බවත්, වැව්වල ළිංවල ජලය සිඳීයෑම නිසා ගවයන් සඳහා ලිං වල ඇති ජලය කුඩා වළවල් හාරා ඒවාට ජලය පොම්ප කර කිරි සතුන්ට බීමට සලස්වන බව ගොවීහු කීහ.

මෙම ගම්මානවල විශාල පවුල් සංඛ්‍යාවක් කිරි කර්මාන්තයේ නියැළෙන බැවින් තෘණ භූමි සඳහා වෙනම ස්ථාන වෙන් කර දෙන්නේ නම් ඒවා නඩත්තු කර මෙවැනි වියළි කාලගුණයක දී ප්‍රයෝජනයට ගත හැකි බවද කිරි ගොවීහු පවසති.
තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment