තොටගමුවේ හාමුදුරුවෝ භාවිතා කළ ශ්‍රී සරස්වතී මහා බුද්ධි වර්ධන තෛලය

1570

ශ්‍රී සරස්වතී නොහොත් සරසවිය යනු සහශ්‍රයට අධිපති දෙවඟනයි. රූපශ්‍රීයෙන් ඇය අගපත් ය. සුදුවතින් සැරසී සුදු නෙළුමක් මත වාසය කරයි. ජන්දොලංකාර ශාස්ත්‍රයන්හි හා පාලි භාෂාමය පද්‍ය රචනාවෙහිද අනුපම ප්‍රතිභා ශක්තියක් විදහා දක්වන එක ශ්‍රැතියෙන් නෛක ග්‍රන්ථ ශත සහශ්‍රයන් ධාරණයෙහි වජ්ර ප්‍රඥා ඇති ශ්‍රී සංඝ රක්‍ෂිත මාහිමියෝ වනාහි ‘බුදු රදුන්ගේ මුව පියුමෙන් පහළ වූ සියලු සතුනට පිහිට වන සොඳුරු සරසවිය මගේ සිත පිනවාවා” යි පතන්නේ මෙලෙසිනි.

“මුනින්ද වදනම් භෝජ – ගබ්භ සම්භව සුන්දරී
සරණං පාණිනං වාණි – මය්හං පීණ යතංමනං”

සරසවියගේ එක් අතක පළිඟු මැණිකෙන් කරන ලද අක්‍ෂ මාලාවකි (ජප මාලයකි) ඇයගේ නිය රැස් වැදී එම පළිඟුමාලයෙහි ඇට මද රත් පැහැයෙන් බබලයි. එවිට ඇයගේ අනෙක් අතක වෙසෙන ගිරවා ඒ දෙළුම් ඇට යයි රැවටී හොටයෙන් අදියි. ගිරවා රැවටෙන හැටි දකින සරසවියට සිනා පහළ වෙයි. එයින් ගිරවා තමන් රැවටුණු බව වැටහී එසේ ඇදීම නවත්වයි.

මෙම සිද්ධියෙහිදී පහළවන සරසවියගේ මඳ සිනාව තමන්ගේ යස ඉසුරු වැඩීම සඳහා උපයෝගී වේවා යි සිතූ සකුකවියෙක් මෙසේ පවසයි.

‘තවකර කමලස්ථාං ස්පාටිකී මක්‍ෂ මාලාං
නඛ කිරණ විහින්නාං දාඩිමී ඛීජ බුද්ධ්‍යඃ
ප්‍රතිකල මනු කර්ෂන් යෙන කිරො නිෂිද්ධඃ
ස භවතු මම භූ තෛ්‍ය වාණි තෙමන්දහාසඃ

යමෙක් සරසවියගේ මඳ බැල්මක් හෝ ලබයි නම් හෙතෙම මුළු ලොව යටත් කර ගැනීමෙහි සමතෙක් වේ යැයි ගිරා සඳෙස්කරුවන් මෙසේ පවසයි.

“ලද යම් කෙනෙක් සරසවි බැලු මසක් නිසී
කොතරම් වුවත් මුළු ලොව කෙරෙහි ඇතැ වැසී

තොටගමුවේ සිරි රහල් මාහිමියෝ කව්සේකර මහ කවෙහිදී උලකුඩය දේවිය සරසවිය හා සමාන කොට දක්වති. සිරි රහල් මාහිමියන්ගේ එම උපහාරය මෙසේය.

නැණින් සරසවි ඉත – මෙකතට ගුණ බරණ යුත
පෙනුණ බිඹුකැට පත – මිසක් සරිවනු ලොව කවර ඇත

අධ්‍යාපනය හදාරන දරුවකුගේ හෝ යම් අයකුගේ ජන්ම කේන්‍ද්‍රයේ 1, 3, 5, 9, 10 ආදිය ගැන සැලකිලිමත් විය යුතුයි. ලග්නභාවය ලග්නාධිපති පීඩා නොවිය යුතුය. අධ්‍යාපනය ලැබීමට පූර්ව පිනක් වාසනාවක් තිබිය යුතුයි. ඒ සඳහා 9, 10 ගුණ සැලකිය යුතු අතර එම භාවාධිපතියන් හා එම භාව ශක්තිමත් විය යුතුය.

දරුවකුගේ පස්වන භාවාධිපති රාහු සමඟ යෝග වීම ද ශනි චන්‍ද්‍ර යෝගය, සඳු රාහු යෝගය සඳු නීචව 5 වැන්නේ යෙදීම, 5 වැන්න රාහුගෙන් හෝ ශනිගෙන් කුජගෙන් පීඩාවට පත්වීම හා අධිපතියා 22 දෙර්කාණාධිපති වීම දරුවාගේ මතක ශක්තිය, බුද්ධිය, ප්‍රඥාව ධාරණ ශක්තියට බාධා කරයි.

බුදුන් වහන්සේ විසින් දේශිත උතුම් වූ ධර්මය පවා පවත්වා ගැනීමට වූ එකම ක්‍රමය වූයේ මතක තබා ගැනීමය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන තෙක්ම සඟ පරපුර විසින් මතකයෙන් මතකය තුළ රචනය කරමින් ලියා නිම කළේය. එමෙන්ම මන්ත්‍ර විද්‍යාව, ජ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යාවන් හෝ කුමන විද්‍යාවක් සටහන් තබා ගැනීමට උපකාරයක් වූයේ මතකය තුළින් ය. මෙම තත්ත්වය නිසා පෙරදුරන් විසින් මතක ශක්තිය වර්ධනයට ධාරණ බලය වර්ධනයට සොයා ගන්නා ලද යෝග, ප්‍රයෝගාදී කර්මයෝ ඉතා වැදගත් ය.

මතක තබා ගැනීම සඳහා පෙරදුරනට වණ පොත් කිරීම හෙවත් කට පාඩම් කිරීම අත්‍යවශ්‍යම විය. වර්තමාන අනාගත යන කුමන කාලයක වුවද මතක ශක්තියෙන් ප්‍රබල ශිෂ්‍යාව හෝ ශිෂ්‍යයා ශිල්පයෙදී පෙරමුණ ගනී. ගත්තේය. පාසල් දරු දැරියන්ට මතක නොසිටීමට හේතුව ධාරණ බලය හීන වීමයි. ධාරණ ශක්තිය හීන කරවන ආබාධ අතර සුරගුරු නමින් හඳුන්වන ඥානකාරක බ්‍රහස්පති හා බුද්ධිය නියෝජනය කරන බුධ ග්‍රහයා දුර්වලවීම, පීනස් රෝග ආදියෙන්ද බාධක ඇති වේ.

පෙර දවස විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුරුවෝ ධාරණ ශක්තිය වර්ධනය වී මතක ශක්තිය ලබාගැනීම සඳහා මෙම මන්ත්‍රය හා ඖෂධීය තෛලය භාවිතා කළ නිසා උන්වහන්සේ ධාරණයෙන් නුවණින් ලොව බැබළුණු බව ප්‍රකාශිතයි.

මෙය සරසවි වරම ලැබෙන ශ්‍රී සරස්වතී තෛලය හා මන්ත්‍රයකි. පළමුව සිද්ධි යෝගයෙන් මෙම ඖෂධ වර්ග බුධ දිනක බුධ හෝරාවෙන් ගෙන අඹරන්න. බැමිකීරිය සහමුලින් ගෙන අමුකහ, නෙල්ලි, නිරස්සවාලු, අරළු, තිප්පිලි, වදකහ, වලඟසාල්, සවින්දව එක ප්‍රමාණයට ගෙන ගිතෙල් සමඟ කකාරා එම ඖෂධීය තෙලෙන් බිඳුවක් දිවගගා පාඩම් කරන්න උදේට. මෙම මන්ත්‍රය ද ශුභ නැකතකින් තඹ පතක ලියා පළඳින්න තෙල සමඟ. මල් යහනාවක තබා පළමුව මෙම ස්ත්‍රෝත්‍රයන් කියවන්න.

“ඕං නමෝ ශ්‍රී සරස්වතී දේවී නමෝ නමඃ ඕං නමෝ පක්‍ඳ්ඤා පාරමිතා එහි ඒස්වඃ ඕ ශ්‍රී බුද්ධ වර්ධනී වර්ධනී නමෝ නමෝ ප්‍රඥා පාරමිතා ඒහි ඒස්වඃ ඕ සරස්වතී ධරනේ ඒස්වඃ (7 වරයි)

(2) ඕං ගගන ගගන කාරී ජලේඛින් නළලේ සරස්වතී දකුණු ඇලේ සෛරාශ්‍රී දේවතාවි (මාගේ….) සර්වාංගයට ආවේස ඒස්වාහඃ (41 වර කියන්න)

(3) ඕං සරස්වතී සභා දේවී – විනා ප්‍රස්තකධාරණී හංසවාහන සමායුත්තං විද්‍යාදානංකුරුකුරුමමඃ (7 වර ගයන්න)

(4) ඕං දිව සරස්වතී සිද්ධම් භගවතී ජීව ප්‍රාණ ජීව ප්‍රාණ ඒස්වහඃ (21 වර ගයන්න)

මන්තරය

ඕං නමෝ ගොපළු මහ රජ්ජුරුවන් වහන්සේ උගත් විජ්ජාව දහසක් රුසි වරයින්ඩ පාඩම් නැත කී තැනේදී උන්වහන්සේගේ අතේ තිබුණු පේරැස් මුදු හිරුව නේරංජනන් ගංඟාවට දමා එදා විජ්ජාව පාඩම් කළ ආඥාවෙන් ආනුභාවෙන් අද (මට…) විජ්ජාව පාඩම් වේවා – ඕ භගවන්තා අයියානේ කෛ අධික්කෝන් ත්‍රිබුවනේ සරස්වතී දාරන් ඕං ශ්‍රීයා කාන්තා දේවී මහී කාන්තා දේවි ගණපති කිසක් අගලු ඇරී ආවේසු ආවේසු ආවේසු පුලේදාරනේ ස්වඃ ඕං ශ්‍රී මුක දාරනේස්වඃ ඕං ගංගා දේවී සයිලාසනී ඉප්පදාරනී (මාගේ….) මුඛතුල දාරනේ ස්වඃ ඕං ශ්‍රී දොරනේස්වඃ ඕං ශ්‍රී මුඛ දාරනේ ස්වඃ ඕං සුරගුරු දාරනේ ස්වඃ (මෙම මන්ත්‍රයෙන් 108 ජප කරන විට මාගේ – මට යන තැන්වලට තමාගේ නම ලියන්න, කියන්න.)

පාඩම් කරන විට දිව අගගානු මතකය ධාරන ශක්ති නැති දූ දරුවන්ට දුර්වල අයට බුද්ධි වර්ධනයට, චතුර කථිකත්වය ලැබීමට, තරඟ විභාගවලින් ජය ලැබීමට, සමාජයේ ඉහළ පෙළේ විද්වතුන් වීමට හා සරසවි වරම ලබා ගැනීමට හා යහපත් තෙපුල් ඇතිවීමට මහත් හඬ සමඟ කිඳුරුනාද වේ. ඇසූ දේ ධාරණය වී නුවණ ලැබීමට බාල මහලු ස්ත්‍රී පුරුෂ සැමටම පොදුවේ ශ්‍රී සරස්වතීගේ ආශිර්වාදය ඇති වී ශුභ ඵල ලැබේ. නව වසරේ නැකත පාඨක ඔබ සැමගේ බුද්ධිය වර්ධනය වී ධාරණ ශක්තිය ඇතිවේවා!

ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක,
සාමවිනිසුරු, දේශබන්දු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල
0770730062

advertistmentadvertistment
advertistmentadvertistment