දකුණු අප්‍රිකාව ලෝක රග්බි පිටියේ ආධිපත්‍යය පතුරවයි

137

ලෝක කුසලාන රග්බි ශූරතාවය වැඩිම වතාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වීමට දකුණු අප්‍රිකාව සමත් වූයේය.

මෙරට වේලාවෙන් ඊයේ (29 වැනිදා) අලුයම 00.30 ට නවසීලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකාව 2023 ශුරතාවය හිමිකර ගත් අතර එය දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයක් හිමි කර ගත් සිව්වැනි අවස්ථාව මෙන්ම කණ්ඩායමක් රග්බි කිරුළ වැඩිම වතාවක් හිමි කරගත් අවස්ථාව ද වූයේය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක හැන්ඩ්‍රේ පොලාර්ඩ් දඬුවම් පහර 4ක් සාර්ථක කර ගනිමින් දැක්වූ දස්කම දකුණු අප්‍රිකාවට ශූරතාවය දිනාගැනීමට ඉවහල් වූ අතර නවසීලන්ත නායක සෑම් කේන් තරගය ආරම්භයේදීම රතු කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කෙරිණි.

ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගය අවසානයේ නවසීලන්තයට එරෙහිව ලකුණු 12-11ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වූයේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම 1995, 2007 සහ 2019 දී ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්ව සිටි අතර තරගය නැරඹීම සඳහා 80,000 ක් ඉක්ම වූ ප්‍රේක්ෂකයන් සහභාගි වූ බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment