දළුගම ශ්‍රවණූන දරුවන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය…

56

කැලණිය, දළුගම, ලුම්බිණි පාරේ පිහිටි ශ්‍රවණූන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගිය ඉරුදින (10 දා) සවස පැවැත්වුණි.

එම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ විෂන්කෙයාර් ඔප්ටිකල් සේවයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි දසන්ත ෆොන්සේකා මහතායි. මෙම මධ්‍යස්ථානයේ නිර්මාතෘ, තුලන සංවාද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, බුද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය ජේසු නිකායික ඇලෝයි පීරිස් පියනම, එම නිකායේ ප්‍රාදේශියාධිපති (ශ්‍රී ලංකාව) ඇන්ජලෝ සුජීව පතිරණ පියනම, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති හා ශ්‍රවණූන ළමුන්ගේ භාරයේ සභාපති මහාචාර්ය සරත් අමුණුගම, එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ග්‍රේටා නාලවත්ත කන්‍යා සොයුරිය ඇතුළු සෙසු ආරාධිතයෝ රැසක්ම සහභාගි වූ අතර, දරු දැරියන්ගේ කැරොල් ප්‍රසංගයේ හා විවිධ රංගනයන්හි අවස්ථා කීපයක් ඡායාරූපවල දැක්වේ.

දළුගම ශ්‍රවණූන දරුවන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය…
දළුගම ශ්‍රවණූන දරුවන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය…
දළුගම ශ්‍රවණූන දරුවන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය…

සටහන හා ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

දළුගම ශ්‍රවණූන දරුවන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය…
advertistmentadvertistment
advertistmentadvertistment