දාම් ක්‍රීඩක ක්‍රිශාන්තට සහාය අවශ්‍යයි

246

කොළඹ කොටුව තරුණ ක්‍රිස්ත්‍රියානි සංගමයේ ක්‍රිශාන්ත කුමාර දාම් ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩකයෙකි. වසර 2017 සමස්ත ලංකා දාම් ශූරතාව ජය ගත් ක්‍රිශාන්ත ආසියානු තරග බිම ජය ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

 දශක ගණනාවක් පුරා දාම් ක්‍රීඩාවෙන් දස්කම් දක්වා ඇති ක්‍රිශාන්ත වසර 1996 සමස්ත ලංකා දාම් ශූරයා ද වේ. පරිගණක දාම් ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දස්කම් දක්වන හෙතෙම මේ වනවිට දාම් ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටී. ආසියා මට්ටමින් තරග ජය ගැනීමට ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයේ සහය බලාපොරොත්තුවෙන් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment