පෙට්‍රල් නැතිවීමෙන් ත්‍රිරෝද රියැදුරෝ  ලක්‍ෂ අටහමාරක් අර්බුදයක

307

පෙට්‍රල් නැතිකමින් ත්‍රිරෝද රථ වෘත්තියේ යෙදෙන ලක්‍ෂ අටහමාරක ත්‍රිරෝද රථ රියැදුරන් තම ජීවිකාව කරගත නොහැකිව දින දෙකක සිට අන්ත අසරණභාවයට පත්ව ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති මහින්ද කුමාර මහතා  ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවසීය.

වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් හට කූපන්පතක් ලබා දී හෝ පෙට්‍රල් ලබාදීමට පියවර ගන්නැයි ද හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේය.

පවතින පෙට්‍රල් අර්බුදය හමුවේ ඊයේ (18 දා) දිනයේ ත්‍රිරෝද රථ ධාවනය වූයේ සියයට 20 ක ප්‍රමාණයක් බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment