දින පහට විදෙස් සංචාරකයෝ 22202 ක් එති

198

මේ මාසයේ (නොවැම්බර්) පළමු දින පහේදී විදේශ සංචාරකයන් විසිදෙදහස් දෙසිය දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව මේ වසරේ (2023) මේ දක්වා කාලයේ මෙරටට පැමිණ ඇති මුළු විදේශ සංචාරකයන් ගණන එකොළොස් ලක්ෂ හතළිස් හත්දහස් හයසිය පනස් හතක් බව ශ්‍රී ලකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ මාසයේ පළමු දින පහේදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ප්‍රමාණය 4491 කි. එසේම මේ දින 5 දී ඉන්දියාවෙන් 3866 ක් සහ එක්සත් රාජධානියෙන් 1539 ක් ද වශයෙන් මෙරටට විදෙස් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment