දොඹකර රථයක් වාහන 10 ක හා නිවසක ගැටේ

71

හතරක් රෝහලේ

පස්යාල මීරිගම මාර්ගයේ කල්එළිය මංසන්ධිය අසල දී ඉකුත් 08 වැනිදා පස්වරු 5.00 ට පමණ දොඹකර ප්‍රවාහන රථයක් මාර්ගය දෙපස නවතා තිබූ රථවාහන 10 ක සහ නිවසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනකු තුවාල ලබා මීරිගම මූලික රෝහලට ඇතුළත් කෙරිණි.

පස්යාල දෙස සිට මීරිගම දෙසට ධාවනය කෙරුණු දොඹකර ප්‍රවාහන රථය කල්එළිය මංසන්ධිය ආසන්නයේදී මාර්ගය දෙපස නවතා තිබූ ත්‍රිරෝද රථ 08 ක, එක් යතුරුපැදියක සහ එක් මෝටර් රථයක ගැටී ඇත. පසුව දොඹකර ප්‍රවාහන රථය මාර්ගය අසල නිවසක ගැටී එම නිවසටද අලාභහානි සිදුකර නතර වී ඇත.

දොඹකර රථයක් වාහන 10 ක හා නිවසක ගැටේ

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් සිවුදෙනකු මීරිගම මූලික රෝහලට ඇතුළත් කෙරිණි. අනතුර සිදුවූ අවස්ථාවේ මීරිගම පස්යාල මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පැවති අතර පල්ලෙවෙල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මාර්ගයේ ගමන් ගත් රථවාහනවලට ඉඩ සලසා දෙනු ලැබීය.

අනතුරට හේතුව දොඹකර ප්‍රවාහන රථයේ තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බව දැනට සිදුකළ පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

අනතුර සම්බන්ධයෙන් දොඹකරයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පල්ලෙවෙල පොලිසිය අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වති.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර, කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment