නැගී එන තරගාවලියේ අවසන් පූර්ව තරග අද – නැරඹීම නොමිලේ

211

රටවල් 8 ක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා “ඒ” සහ පාකිස්තාන “ඒ” කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතය.

ඉන්දියානු “ඒ” සහ බංග්ලාදේශ “ඒ” කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට පැවැත්වෙනු ඇත.

මෙම තරග 2, නැරඹීමේ අවස්ථාව කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

අද පැවැත්වෙන තරගවලින් ජය ගනු ලබන කණ්ඩායම් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබන අතර එම අවසන් මහ තරගය ලබන 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ප.ව. 2.00 ට ආරම්භ වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment