නැෂනල් සුපර් ලීග් එක්දින කි‍්‍රකට් ශූරතාව යාපනයට

199

අවසන් මහ තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 37 ක ජයක් වාර්තා කළ සදීර සමරවික‍්‍රමගේ නායකත්වයෙන් යුත් යාපනය ක‍්‍රීඩකයෝ ඩයලොග් නැෂනල් සුපර් ලීග් එක්දින කි‍්‍රකට් ශූරතාව දිනා ගැනීමට පෙරේදා (19 වැනිදා) සමත්වූහ. එ් අනුව කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් පැවැති මෙරට පළමු නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ශූරතා කුසලානය සහ ලක්ෂ 20 ක මුදල් ත්‍යාගය යාපනය කණ්ඩායම දිනාගනිද්දී අනුශූරතාවයට පත් මහනුවර කණ්ඩායමට මුදලින් ලක්ෂ 10 ක් හිමිවිය.

 මහනුවර පල්ලකැලේ කී‍්‍රඩාංගණයේදී තීරණාත්මක අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ මහනවුර නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා යාපනය පිලට ආරාධනා කර සිටියේය. ඒ අවසරයෙන් පන්දුවට පහර දුන් යාපනය පිතිකරුවෝ පන්දුවාර 48.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 259 ක ඉලක්කයක් මහනුවර හමුවේ තැබීමට සමත්වූහ. එ් අනුව ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය මහනුවර කණ්ඩායමට ලබාගත හැක වූයේ පන්දු වාර 45.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 221 ක් පමණි.

 ජයග‍්‍රහණය සඳහා පන්දු වාරයකට ලකුණු 5.32 ක වේගයක් රඳවා තබා ගැනීමේ අභියෝගයද කරපින්නාගෙන පන්දුවට පහර දීමට පැමිණි මහනුවර ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 05 ක්ව තිබියදී දවා ගැනීමට ප‍්‍රමෝද් මදුශාන් සමත්විය. අනතුරුව ලකුණු 65 ක් ඇතුළත පළමු කඩුලූ 4 ම අහිමි වූ මහනුවර ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක ලකුණු සම්බන්ධතාවයක් එක් කිරීමට සහන් ආරච්චිගේ සහ කමිඳු මෙන්ඩිස් සමත්විය. එහෙත් එම සම්බන්ධතාවයට තිත තබමින් සහන් ආරච්චිගේ ඉනිම නිමා කිරීමට සමින්ද ප‍්‍රනාන්දු සමත්වීම මත නැවත වරක් මහනුවර කණ්ඩායමේ ජයග‍්‍රාහි බලාපොරොත්තු සුන්වී ගියේය. පසුපෙළින් පැමිණි තීක්ෂිල ද සිල්වා හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 19 කදී ලකුණු 37 ක් රැුස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සාහ ගත්තද එය පරාජයේ පරතරය අඩුවුණා විනා ප‍්‍රතිඵලයට බලපෑමක් නොවීය.

 මහනුවර ඉනිමට පන්දුවෙන් වැඩිම තර්ජනයක් එල්ල කළ ප‍්‍රමෝද් මදුෂාන් ලසිත් කෘස්පේල්ලේ, කවීන් බණ්ඩාරගේ සහ පුලින තරංගගේ කඩුලූ දවා ගනිමින් සිය පළමු පන්දු වාර 10 ලකුණු 59 කට කඩුලූ 4 ක් වශයෙන් නිමා කිරීමට සමත්වීම කැපී පෙණුනි. නිමන්ද මදුසංක පන්දුවාර 5කදී ලකුණු 17කට මහනුවර ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමීමට සමත්විය.

 වර්ෂාව හේතුවෙන් මිනිත්තු 45 ක ප‍්‍රමාදයෙන් ඇරැඹි තරගයේ යාපනය ඉනිම අතරතුර අවස්ථා 2 කදී අයහපත් කාලගුණයෙන් බාධා පැමිනිණ. එබැවින් එක් පන්දුවාරයක් අඩු කොට තරගය පැවැත්වීමට කටයුතු යොදද්දී යාපන පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට යොවුන් කණ්ඩායම් නායක දුනිත් වෙල්ලාලගේ සමත්වූවේය.

 යාපනය ඉනිමේ 6 වැනි පිතිකරුවා ලෙසින් වෙල්ලාලගේ පිටියෙන් ඉවත් වන විටදී නිමන්ද මදුශංක සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක්ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් නිශාන් මදුශංක සමඟ ලකුණු 35 ක සම්බන්ධතාවක් පවත්වමින් යාපන ඉනිම ගොඩ නැංවීමට දායකත්වය දැක්වා තිබිණි. රවිඳු ප‍්‍රනාන්දු පන්දු 42 කදී වේගවත් ලකුණු 41 ක් ද නිමන්ද මදුශංක පන්දු 50 කදී ලකුණු 35 ක්ද ලබා ගත්හ.

 අවසන් මහ තරගයේ වීරයා සම්මානය දුනිත් වෙල්ලාලගේ

 විසින් හිමිකර ගනිද්දී තරගාවලියේ වීරයා ලෙසින් ධනංජය ද සිල්වා සම්මාන දිනා ගැනීමට සමත්විය.

 මහුනවර කණ්ඩායමේ පුලින තරංග තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත්වෙද්දී කොළඹ කණ්ඩායමේ නුවනිඳු ප‍්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානය දිනා ගත්තේය.

 ලකුණු සාරාංශය

 යාපනය පන්දු වාර 48.3 ලකුණු 258 යි – (දුනිත් වෙල්ලාලගේ 74, නිමන්ද මදුශංක 35, සංතුෂ් ගුණතිලක 12, රවිඳු ප‍්‍රනාන්දු 41, දමිත සිල්වා 10, නිශාන් මදුශ්ක 36, අසිත ප‍්‍රනාන්දු 44/5, සචිඳු කොළඹගේ 53/2, පුලින තරංග 33/1, නිපුන් රන්සික 23/1, සහන් ආරච්චිගේ

 21/1)

 මහනුවර පන්දුවාර 45.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 221 යි – (කමිඳු මෙන්ඩිස් 46, ඕෂද ප‍්‍රනාන්දු 22, සහන් ආරච්චිගේ 33, තීක්ෂිල ද සිල්වා 37, සචිඳු කොළඹගේ 20, කවින් බණ්ඩාර 24, ලසිත් කෲස්පුල්ලේ 16, ප‍්‍රමෝද් මදුශාන් 59/4, නිමන්ද මදුශංක 17/3, සමින්ද ප‍්‍රනාන්දු 15/1, දුනිත් වෙල්ලාලගේ 34/1)

advertistmentadvertistment
advertistmentadvertistment