ප්‍රධාන සංවිධායකට විරෝධය – කළුතර ශ්‍රීලනිප සංවිධායකවරු රැස්වීම වර්ජනය කරති

135

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායකවරයාට විරෝධය පා එම පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් පක්ෂ මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීම වර්ජනය කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප සංවිධායකවරුන්ගේ රැස්වීමක් කළුතර පිහිටි හෝටලයකදී පසුගියදා පැවැත්විණි. ඒ සඳහා ශ්‍රීලනිප මහලේකම්වරයා සහභාගිව තිබිණි.

කළුතර ප්‍රධාන සංවිධායකවරයාට කිසිදු දේශපාලන පරිනතභාවයන් නැතැයි මෙම රැස්වීම වර්ජනය කළ කළුතර දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙක් ‘දිවයින’ට පැවැසීය.

මෙම රැස්වීම සඳහා පැමිණ ඇත්තේ සංවිධායකවරුන් තිදෙනකු පමණක් වන අතර කළුතර රැස්වීමට සංවිධායකවරුන් 8 දෙනකු සහභාගිවීමට නොගොස් තිබිණි.

සුදුසු ප්‍රධාන සංවිධායකවරයකු පත් කෙරෙනා තෙක් තමන් සටනේ නිරත වන බව එම සංවිධායකවරයා ‘දිවයින’ට පැවැසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment