පාපන්දු නිලවරණය සැප්තැම්බර් මාසයේදී

68

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අභියාචනාධිකරණයේදී ගොනු කරනු ලැබූ නඩු දෙකක් සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් ඊයේ (10 වැනිදා) සමථයකට පත්කෙරිණි.

දෙපාර්ශ්වය ඒකාබද්ධ යොමු පතක් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුකර සමථයකට පත්කර ගැනීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව සලකා බැලූ අධිකරණය නඩු සමථය සඳහා අවසර ලබා දුන්නේය.

ඒ අනුව එලඹෙන සැප්තැම්බර් 30 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට අනුමැතිය ලැබී තිබෙන අතර එයට අදාළ කටයුතු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් දැනටමත් සිදු කරමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment