වර්ජනයේ නියුතු අධිවේගී මාර්ග සේවකයින්ට ඇමැති බන්දුලගෙන් චෝදනා

426


ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටින අධිවේගී මාර්ග සේවකයින් අධිවේගී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට තිබූ යන්ත්‍ර සුත්‍ර සියල්ල ගලවා ගෙන ගොස් ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන් රජයේ ආදායම හිතාමතා අහිමි කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය සමඟ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ වෙත සහාය ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා කීවේය.
මේ වනවිට සිදුව ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment