පාපන්දු බලය යළි ජස්වර් අතට

106

රංජිත් රොඩ්‍රිගෝ ජ්‍යෙෂ්ඨ උප සභාපති

දක්ෂිත පාර්ශ්වයට ඡන්ද 20 යි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2023-2027 වසර දක්වා නව නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (29 වැනිදා) පැවැති නිලවරණයෙන් ඡන්ද 45 ක් හිමි කර ගෙන සභාපති ධුරයට යළි පත් වීමට හිටපු සභාපති ජස්වර් උමාර් මහතා සමත් වූයේය.

ඔහු සමග සභාපති ධුරයට ප්‍රතිවාදී පාර්ශ්වයෙන් තරග කළ දක්ෂිත සුමතිපාල මහතාට හිමි කර ගත හැකි වූයේ ඡන්ද විස්සක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 25 කින් බලයට පත් වීමට හිටපු සභාපතිවරයා සමත්වූ අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයන්ගේ අධීක්ෂණය යටතේ ස්වාධීන නිලවරණ කමිටුවක් ඡන්දය මෙහෙයවීය.

කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ පස්වරුවේ පැවැති ඡන්දය අවසානයේ ජස්වර් උමාර් පාර්ශ්වය ජයවේවා යැයි ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් ඉවතට පැමිණියේය.

ඒ අනුව ජස්වර් උමාර් පාර්ශ්වයෙන් නිලවරණය සඳහා ඉදිරිපත් වූ රංජිත් රොඩ්‍රිගෝ මහතා ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස තේරී පත් වූයේය. වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා ද උප සභාපති ධුරයට පත් වූයේය. එසේම උප සභාපති ධුරයට පත් වූ අනෙක් නිලධාරීන් දෙදෙනා වූයේ එස්.ඩී. නාගහවත්ත සහ කේ.එම්.එම්.පී. කරුණාතිලක යන මහත්වරු වෙති.

නව නිලධාරී මණ්ඩලය මෙසේය.

සභාපති: උමාර් ජස්වර් (ශ්‍රී ලංකා පාපන්දු විනිසුරු සංගමය),

උප සභාපතිවරුන්: රංජිත් රුද්‍රිගෝ (නිගම්බු ලීගය), ආචාර්ය මනිල් ප්‍රනාන්දු (කළුතර ලීගය), ඩිල්ෂාන් නාගහවත්ත (ගාලු ලීගය), කේ.එම්.එම්.පී. කරුණාතිලක (ශ්‍රී ලංකා නාවික හමුදා ලීගය)

විධායක කමිටුව

ඒ.ඩබ්ලිව්. අබ්දුල් ගෆාර් (මාවනැල්ල ලීගය), ජගත් ද සිල්වා (නාවලපිටිය ලීගය), සයිෆ් යූසුෆ් (මාකන්ටේල් ලීගය), එම්.අයි.එම්. අබ්දුල් මනාෆ් (අම්පාර ලීගය) එන්.නාගරාජන් (වවුනියා ලීගය) ඉන්දික තේනුවර (මාතර ලීගය) එම්.සී.සී.එම්.ආර්.සී. කාන්තා නියෝජිත දීපිකා කුමාරි (බියගම ලීගය)

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment