ලෝක ශූරයෝ ආර්ජන්ටිනාවේ ප්‍රතිවාදීහු වෙති

297

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස මොරොක්කෝව සමග පැවති තරගයෙන් ගෝල් 2-0ක ජයග්‍රහණයක් ලබාගත් ප්‍රංශ කණ්ඩායම ඊට සුදුසුකම් ලැබීය.

කටාර් රාජ්‍යයේ අල් බයට් ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේ දී ලද පරාජය සමග මෙතෙක් තරගාවලියේ අපරාජිතව පැමිණි මොරොක්කෝ කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳවිය.

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආජන්ටිනාව සමග ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට පසුගියවර ශූරතාව දිනාගත් ප්‍රංශය ඊයේ (15 වැනිදා) අලුයම සමත්වූයේය.

ප්‍රංශය හමුවේ පරාජය වූ මොරොක්කෝව මෙවර තරගාවලියේ තෙවන ස්ථානය සඳහා හෙට දිනයේ දී ක්‍රොඒෂියාව සමග තරග වදිනු ඇත.

මොරොක්කෝව ඉදිරියේ මෙම තරගාවලියේදී කිසිදු ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට

ගෝලයක් වාර්තා කිරීමට නොහැකිව තිබූ අතර එහෙත් ඊයේ තරගය ආරම්භ වී විනාඩි 5ක් පමණ ගත වෙද්දී ප්‍රංශ ක්‍රීඩක තියෝ හර්නැන්ඩස් සමත්වූයේය.

ඒ අනුව පළමු අර්ධය නිමා වන විට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි ලෝක ශූරයෝ දෙවන අර්ධයේදී ද තවත් ගෝලයක් වාර්තා කරමින් අඛණ්ඩව දෙවන වරටත් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ.

ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙන අවසන් මහා තරගය ලබන ඉරිදා ලුසියල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment