ධර්මසිරි බණ්ඩාරනායකට අද රුහුණු සරසවියෙන් ආචාර්ය උපාධියක්

224

අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සිනමාව හා වේදිකා නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් මෙන්ම මෙරට සමාජ දේශපාලන ව්‍යුහය ශක්තිමත් කරන්නට කැපවූ ධර්මසිරි බණ්ඩාරනායකයන්ට අද (16 දා) පැවැත්වෙන රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ කලා ක්‍ෂේත්‍රය පෝෂණය කිරීමටත් ඒ තුළින් ජනවාර්ගික සහජීවනය ඇතිකිරීමට දායකත්වය දැක්වීමේ විශිෂ්ට සේවාවට පිදෙන උපහාර දැක්වීමක් ලෙස 2022 අප්‍රේල් 27 එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදී විශේෂ ගෞරව සම්මාන පදක්කමක් ධර්මසිරි බණ්ඩාරනායක නාමය වෙනුවෙන් පිරිනැමිණි.

දේශීයව මෙන්ම විදේශීයවද මෙලෙස ගෞරවාදාරයට පාත්‍රවීම ප්‍රමුඛ කොටගනිමින් ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාණන් වෙත උත්තමාචාර දැක්වීමේ උත්සවයක් 2022 දෙසැම්බර් 21 වන දින සවස 3.00ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමටත්, උත්සවය අවසානයේදී ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාණන් නිර්මාණය කළ තුන්වෙනි යාමය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමටත් අපේක්‍ෂා කරන්නෙමු. මෙහි ප්‍රධාන දෙසුම් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය එස්. මෞනගුරු විසින් සිදුකරනු ලබයි. සංගීත වෘන්දය නවරත්න ගමගේ සිදුකරන අතර ආමන්ත්‍රණය අරුන් ඩයස් බණ්ඩාරනායකගෙනි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්සත් රාජධානියේ මැන්චෙස්ට් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා, වෛද්‍ය විද්‍යා සහ සෞඛ්‍ය විද්‍යා පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති මහාචාර්ය මහේසන් නිර්මලන් සහභාගි වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment