පෙරහැර පැවති දින 10ට මහනුවරින් කසළ ටොන් 250ක්

79

මහනුවර ඇසළ පෙරහැර පැවති දින දහය තුළ නගර සීමාවෙන් කසළ ටොන් 250 කට වැඩි ප්‍රමාණයක් එකතු වූ බව එම නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක පවසයි.

පෙරහැර නරඹන්නන් රැගෙන එන පොලිතින්, ඉවතලන ආහාරපාන ඇතුළු අලි ගාලවල්වලින් ඉවත ලන කසළ ප්‍රමාණය දිනකට ටොන් 25 ක් පමණ වූ බව ද ඒ මහතා කීය.

පෙරහැර සඳහා පැමිණි අලි ඇතුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ගාල් කර ඇති ස්ථානයන්හි ඉවතලන අලි කොටන්, අලිබෙටි ඇතුළු අපද්‍රව්‍ය ටොන් 15 කට වැඩි ප්‍රමාණයක් දිනකට එකතුවන බව ද හෙතෙම කීය.

පෙරහැර නරඹන්නන් රැගෙන එන ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් සෙල්ලම් භාණ්ඩ කෑම පෙට්ටි වැනි අපද්‍රව්‍ය ටොන් පහකට ආසන්න ප්‍රමාණයක් ද ඉවතලන ආහාර ද්‍රව්‍ය ටොන් පහකට වැඩි ප්‍රමාණයක් ද දිනකට එකතු වී තිබූ බව ඒ මහතා කීය.

මේ වන විට එම අපද්‍රව්‍ය ටොන් 250 කට වැඩි ප්‍රමාණය ගොහාගොඩ දී ප්‍රතිචක්‍රිකරණය සඳහා වර්ගීකරණය කරමින් සිටින බව ද මෙපමණ කුණු තොගයක් වර්ගීකරණය කිරීම පහසු නොවන බව ද හෙතෙම කීය.
සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment