බංග්ලාදේශය ද රුසියාවෙන් පොහොර ආනයනය කරයි

573


බංග්ලාදේශය ද ඉන්දියාවේ අඩිපාරේ යමින් ලෝකයේ ඉහළම පොහොර නිෂ්පාදකයින් අතර සිටින රුසියාවෙන් පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇත.

2023/-24 වසර සඳහා රුසියාවෙන් මියුරේට් ඔෆ් පොටෑෂ් ටොන් 180,000ක් ආනයනය කිරීමට ෂෙයික් හසීනා රජය ගිවිසුමක් අත්සන් කර ඇත. බංග්ලාදේශයට වාර්ෂිකව පොහොර ටොන් 750,000ක් අවශ්‍ය වේ. ඒ සඳහා බංග්ලාදේශ කෘෂිකාර්මික සංවර්ධන සංස්ථාව සහ රුසියානු ප්‍රොඩින්ටෝර්ග් අතර ගිවිසුම මෑතකදී මොස්කව්හිදී අත්සන් කරන ලදී.බංග්ලාදේශයේ යූරියා නොවන පොහොරවලින් සියයට 90ක් පමණ පිටරටින් ආනයනය කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment