බන්ධනාගර නියාමක මරණයෙන් ගලවා ගනී

303


සේවය නිමවා නිවස බලා ගමන්කරමින් සිටි බන්ධනාගර නියාමකවරයෙකුට වැලිගම නගරයේදී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් වූ පාතාල අපරාධකරුවන් තිදෙනෙකු අද (14දා) අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ප්‍රහාරයට අපරාධකරුවන් පැමිණි යතුරුපැදියක් හා ත්‍රීරෝද රථයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා දිකුකුඹුරේ පදිංචි අවුරුදු 23 හා 19 යන වයස්වල පසුවන්නන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment