බැඩ්මින්ටන් තරුව ක්‍රීඩා පිටියට සමු දෙයි

185

මෙරටින් බිහි වූ විශිෂ්ටතම බැට්මින්ටන් ක්‍රීඩකයා ලෙස සැලකෙන නිලූක කරුණාරත්න සිය ක්‍රීඩා දිවියට සමු දීමට තීරණය කර ඇත.

2015 වසරේ දී ආසියානු බැට්මින්ටන් තරගාවලිය නියෝජනය කරමින් ජගත් ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ නිලූක අවස්ථා තුනකදී ඔලිම්පික් තරග වරම් හිමිකර ගෙන තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසද තරග වැදුණු නිලූක ඔලිම්පික් පිටියේ හොඳම ක්‍රීඩකයන් 16 දෙනා අතරට ද වරෙක පත් වූයේය. නවක ක්‍රීඩකයන් සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් තමා මෙම සමුගැන්ම ප්‍රකාශ කළ බව නිලූක ස්විට්සර්ලන්තයේ සිට නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment