බුදු දහමට අපහාස කිරීම සංවිධානාත්මක කුමන්ත්‍රණයක් – උදය ගම්මන්පිල

61

මෙරට සිදු කෙරෙන බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් බවත්, මේ සඳහා කෝටි ගණනින් මුදල් විදෙස් රටවලින් ලැබෙන බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

බුදු දහමට අපහාස කිරීම විවිධ පිරිස් අතින් සිද්ධ වෙනවා. බුදු දහමට අපහාස වන අයුරින් හැසිරෙන භික්ෂූන් වහන්සේලාට රුපියල් කෝටි ගණනින් විදේශ රටවලින් මුදල් ලැබෙනවා. සමහරු බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් බුදු දහමට අපහාස කරනවා. ඒ අතරේ අන්‍යාගමික පූජකවරු පවා නොබියව බුදු දහමට අපහාස කරනවා. ඒ වගේම බුදු දහමට අපහාස කරන නිරාගමිකයන්ටත් විදේශවලින් මුදල් ලැබෙනවා. ඒ නිසා මේ බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් කියන එක ඉතාම පැහැදිලියි. ජෝන් ඩොයිලි කිව්වා වගේ මේ රටේ කොඳු නාරටිය බිඳින්න නම් ගමයි පන්සලයි අතර තිබෙන සම්බන්ධය බිඳින්න ඕන. ඒක තමයි දැන් ඔය කරමින් තිබෙන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment