බෙලිඅත්ත ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

142


අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු පංච පුද්ගල ඝාතනයට අදාලව සහාය දැක්වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.එක් අයෙකු සැකකරුවන් පැමිණි සුඛෝභෝගී ජීප් රථය සඳහා කූට ලේඛන සකස් කළ බව කියන පුද්ගලයකි. අනෙක් පුද්ගලයා ඝාතනය සඳහා යොදාගත් බවට සැකකරන ටී 56 ගිණි අවියක් සහ ජීව උණ්ඩ ළග තබාගත් අයෙකි..

කූට ලේඛන සමග අත්අඩංගුවට ගත් සැකකරු සමග ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන ආදායම් බලපත්‍ර අටක් ව්‍යාජ නිල මුද්‍රාවක් හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කොළඹ 5 නාරහේන්පිට කිරුළ පාර හත් බෝධිය පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ටී56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 32ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු බවත් 36 හැවිරිදි ඔහු කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment