බෝමිරිය විහාරයක සිද්ධියට අටක් අත්අඩංගුවට

3941

නවගමවු පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.එක් සැකකරුවෙකු ඊයේ (07) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් 07 දෙනා අද (08) උදෑසන නවගමවු පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ස්වාමින්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනකුට පහරදී ලිංගික හිරිහැරයක් සිදුකිරීම සම්බන්ධයෙනි.මේ අතර සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනය කිසියම් පුද්ගලයෙකු විසින් සමාජා මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment