මන්චි අබිසෙස් ලබයි

449

මන්චි, ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාමික අපනයනකරුවා වශයෙන් 29 වැනි ජාතික අපනයන සම්මාන උළෙලේ (NCE Export Awards) දී සම්මානයට පාත‍්‍ර විය. ලොව සෑම මහාද්වීපයක් වෙතම තම නිෂ්පාදන අපනයනය පුළුල් කර ඇති මන්චි මෙරට විශාලතම බිස්කට් අපනයනකරු ලෙසද සැලකෙයි. ජාතික අපනයන මන්ත‍්‍රණ සභාව විසින් සංවිධානය කරනු ලබන NCE ජාතික අපනයන සම්මාන ප‍්‍රදානෝත්සවය ඉකුත්දා කොළඹදී පැවැත්විණ.

අපනයන කටයුතුවලදී විශිෂ්ටත්වය දක්වන ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන් ඇගයීමට හා සම්භාවනාවට ලක් කිරීමේ අරමුණින් NCE ජාතික අපනයන සම්මාන උළෙල සංවිධානය කෙරේ. මෙවර සම්මාන උළෙල නැඟිටිමු, යළි ගොඩනගමු සහ යළි හිමිකරගනිමු යන තේමාව පදනම් කොට ගෙන සංවිධානය කර තිබිණ.

මේ අතර විශාල පරිමාණ රසකැවිලි අපනයනකරුවන්ගේ අංශයේ විශිෂ්ටතම අපනයනකරුට පිරිනැමෙන රන් සම්මානය දිනා ගැනීමට ද මන්චි සමත් විය. මෙයට ඉහතදී මන්චි සන්නාමයේ මව් සමාගම වන ක්‍ඊඛ සමාගම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරුවා ලෙස සම්මානයට ලක්ව තිබීමද විශේෂත්වයකි.

මෙවර NCE ජාතික අපනයන සම්මාන උළෙල සඳහා සම්මානලාභීන් තෝරා ගැනීම ස්වාධීන වෘත්තීය විනිසුරු මඩුල්ලක් සහ තාක්ෂණික කමිටුවකින් සමන්විත විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගින් සිදු කරන ලද අතර ඊට සුප‍්‍රකට විගණන සමාගමක් වන අර්නස්ට් සහ යන්ග් ආයතනයේ සහාය ද ලබා ගෙන තිබේ. NCE ජාතික අපනයන සම්මාන මගින් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරුවන් සහ ඔවුන් ආර්ථිකයට දක්වන සුවිශේෂ දායකත්වයන් ඇගයීමට හා පිළිගැනීමට ලක් කෙරෙනවා පමණක් නොව අනෙකුත් අපනයනකරුවන් සඳහා නිර්නායක සැකසීම සඳහා වැදගත් කාර්යභාරයක්ද සිදු කරයි.

මන්චි අබිසෙස් ලබයි

ජාතික අපනයන මන්ත‍්‍රණ සභාව සම්මානලාභීන් නිවේදනය කරමින් කියා සිටියේ මෙවර සම්මාන උළෙල සඳහා ජයග‍්‍රාහකයන් තෝරා ගනු ලැබුවේ ඔවුන් විසින් සපයන ලද තොරතුරු ඉතා සියුම් ලෙස අගැයීමට ලක් කරමින් බවත් සෙසු තරගකරුවනට සාපේක්ෂව දක්වන ලද විශිෂ්ටතම තහවුරු කිරීමේ සහතිකයක්ද වන ලෙස බවයි.

ජයග‍්‍රහණයන් පිළිබඳ අදහස් දක්වමින් CBL සමාගමේ අපනයන අධ්‍යක්ෂ නදීජ කරුණාතිලක මහතා මෙසේ සඳහන් කළේය. ‘වසරේ විශිෂ්ටතම සන්නාමික අපනයනකරුට හිමි සම්මානය මෙන්ම විශිෂ්ටතම මහා පරිමාණ රසකැවිලි අපනයනකරුවා ලෙස රන් සම්මානය ද දිනාගැනීමට ලැබීම අතිශයින්ම සතුටුයි. ගත වූ වසර දෙකක කාලය තුළ ගෝලීය හා දේශීය වශයෙන් අපනයනකරුවකු ලෙස මුහුණදීමට සිදුවූ අභියෝග පිළිබඳව සලකන විට මෙය සැබැවින්ම විශාල ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. සන්නාමයක් ලෙස සියලූ අංශයන්ගේම ගුණාත්මකභාවය පිළිබඳව අඛණ්ඩව දක්වන කැපවීම හේතුවෙන්ම මන්චි මෙවන් විශිෂ්ටතාවක් අත්පත් කර ගැනීමට හැකි වීම විශේෂයි. මේ නිසාම ශ‍්‍රී ලාංකේය අභිමානය ලොව පුරා රැුගෙන යෑමට මන්චි සමත්ව සිටිනවා. සම්ප‍්‍රදායික නොවන නිෂ්පාදනයක් ලෙස මන්චි ශ‍්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික අපනයන භාණ්ඩ සමග කරට කර සිටිමින් ලොව අවධානය දිනාගැනීමට සමත්වීම රටේ ආර්ථිකය කෙරෙහි නව බලාපොරොත්තු ඇති කරයි. මේ අවස්ථාවේදී මන්චි සන්නාමය කෙරෙහි විශ්වාසය තැබූ සුවහසක් පාරිභෝගිකයන්, බෙදාහැරීමේ නියෝජිතයන්, වෙළෙඳ ප‍්‍රජාව ඇතුළු සියලූ පාර්ශ්වකරුවනට සිය ප‍්‍රණාමය පළ කළ නදීජ කරුණාතිලක මහතා මේ අනභිභවනීය ජයග‍්‍රහණය වෙත මන්චී සන්නාමය රැුගෙන යාම සඳහා ඔවුන් දායකත්වය ලබා දී ඇති බව සඳහන් කළේය.

ආරම්භයේ පටන්ම මන්චි, සන්නාමයක් ලෙස අන්තර්ජාතික වෙළඳපළ වෙත සිය නිම්වළලූ පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම විශේෂයෙන් කැපී පෙනෙයි. මේ නැඹුරුව නිසා හැම විටම දේශීය පාරිභෝගිකයාටද තත්ත්වයෙන් ඉහළ මෙන්ම නවෝත්පාදක නිෂ්පාදන අත්විඳන්නට හැකියාව ලැබුණි. මේ අතර අපනයන වෙළෙඳපළ තුළ ඉහළ යන ඉල්ලූමට සැපයීම සඳහා විශේෂිත නිෂ්පාදනාගාරයක් සතු ශ‍්‍රී ලංකාවේ එක්ම බිස්කට් නිෂ්පාදකයා වන්නේ මන්චි සමාගමයි. මේ නිෂ්පාදන කර්මාන්තශාලාව අපනයන මණ්ඩලයට අයත් සීතාවක අපනයන කලාපයේ ස්ථාපනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment