චීනයේ අවයව බද්ධයට යුරෝපයෙන් චෝදනා

627


චීනය මිනිස් අවයව බද්ධ කරමින් සාර්ථකත්වයට පත්වන අතර ඒ සඳහා අවයව ලබාගැනීමට සිරකරුවන් යොදා ගනිමින් මානව හිමිකම් උල්ලංඝණය කරන බව යුරෝපා පාර්ලිමේන්තුවේ නෙදර්ලන්ත සාමාජික පීටර් වැන්ඩලින් චෝදනා කරයි.
බ‍්‍රසල්ස් නුවර පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේබව සඳහන් කළේය.චීනය 1999 වසරේ සිට මෙම කටයුතු වල නිරතවන බවත් වසරකට ඔවුන් අවයව බද්ධ කිරීම් 10,000ත් 15,000ත් අතර ප‍්‍රමාණයක් සිදුකරන බව පැවසුවත් වසරකට චීනය 375,000ක් පමණ සිදුකරන බව පවසයි.මේ සඳහා සිරකරුවන් යොදාගන්නා අතර අවයව බද්ධ කිරීමට ගැලපෙන සිරකරුවන් හමුවූවිට ඔවුන් එකවර අතුරුදන් කරන බවද පවසයි.මෙය මානව හිමිකම් උල්ලංඝණයක් බවත් මේ සම්බන්ධව චී්න කොමියුනිස්ට් රජය නිහඩව සිටින බවත් චෝදනා කරයි.චීනය හදවත,පෙනහළු,අක්මාව,වකුගඩු සහ අග්න්‍යාසය ආදී ඉන්ද‍්‍රිය බද්ධය මේවන විට සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment