මුජිබර් ආයෙත් පාර්ලිමේන්තුව ඉල්ලයි

1274

තමනට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් මගින් නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනූව ජාතික ලැයිස්තුවෙන් පත්කළ මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගෙන් තමනට එම මන්ත්‍රීධුරය ලබාදෙන ලෙස සජබ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් මයන්ත දිසානායක මහතා තම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය රහුමාන් මහතාට ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කැමැත්තක් පළකර නැතැයි සජබ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය.

මයන්ත මුජිබර්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාදෙන්න අදිමදි කරනවා. මයන්තව ජාතික ලැයිස්තුවෙන් පත්කරන කොටම කියා හිටියා අවුරුදු දෙකහමාරකට වැනි කාලයකටයි මන්ත්‍රීධුරය දෙන්නේ කියලා යැයිද එම ජ්‍යෙෂ්ඨයා කියා සිටියේය. හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විය.

මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ සිටීම සුදුසු බවට ජ්‍යෙෂ්ඨයන් සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත කියා ඇතැයි ඉහත ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment