මුලතිව් මත්ටොපි පොලිසියෙන් උසාවියට

267


පාසල් සිසුන්ට හා උපකාරක පන්ති වල සිසුන්ට ලොසින්ජර් ආකාරයෙන් තනන ලද මත්ටොපි අලෙවි කළ තරුණයෙකු මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී ගුවන් හමුදාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (08දා) අත් අඩංගුවට ගෙන තිබේ.

එම නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහු ලැගුම් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී එවැනි මත් ලොසින්ජර් 5000 කට අධික ප්‍රමාණයක් තිබී හමු වී ඇති අතර ඔහුගේ ලැගුම් හලේ තිබී මත්වීමට උපයෝගී කර ගන්නා ජූස් මිලිග්‍රෑම් 34ක් සහ කොකේන් ගුලි 486ක් සොයාගෙන ඇත.

ගුවන් හමුදාව විසින් අත් අඩංගුවට ගත් සැකකරු මුල්ලියාවලෙයි පොලීසිය බාර දීමෙන් පසුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment