මොරටුවේ හෝටලයක කොස්තාපල්ලා දෙදෙනෙක් මත්ද්‍රව්‍ය පාටියක් දාලා

91

තවත් 4 දෙනෙක් අත්අඩංගුවට

මොරටු ප්‍රදේශයේ හෝටල් කාමරයක් කුලියට ගෙන මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පොලිස් කොස්තාපල්වරයන් දෙදෙනකු සහ තරුණ තරුණියන් සිව් දෙනකු මොරටුව පොලිසියේ යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4020ක් පමණ ප්‍රමාණයක් සමග 19දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයකු දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ සේවය කරන අතර අනිත් කොස්තාපල්වරයා අඟුලාන පොලිසියේ විශේෂ කාර්ය අංශයේ සේවය කරන්නෙකි.

දෙහිඅත්තකණ්ඩියේ පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයා එම පොලිසියේ සිට ලේ සාම්පලයක් රැගෙන රජයේ රස පරීක්‍ෂකවරයාට භාරදීම සඳහා කොළඹ පැමිණි අයෙකි. කොළඹට පැමිණීමෙන් පසු මෙම පොලිස් කොස්තාපල්වරයාට තමා සමග කොළඹ දී එකට සේවය කළ අඟුලාන පොලිසියේ සේවය කරන සිය මිතුරා හමුවී ඇත.

ඔවුන් දෙදෙනා කලින් කතා බස් කර ඇති පරිදි තරුණියන් දෙදෙනකු සහ ඔවුන්ට හිතවත් තවත් තරුණයන් දෙදෙනෙකු සමග මෙම හෝටල් කාමරය තුළ සාදයක් පවත්වා ඇති බව පොලිසිය කියයි.

සාදය අතරතුරේ දී දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ කොස්තාපල්වරයා අඟුලාන පොලිසියේ නව මිතුරු කොස්තාපල්වරයාගේ මෝටර් රථය රැගෙන එද්දී මොරටුව පොලිසිය මගින් වාහන පරීක්‍ෂා කළ මොහොතේ එහි හෙරොයින් මිලිග්‍රෑම් 20ක් තිබී සොයාගෙන තිබේ.

පොලිස් කණ්ඩායම් ඔහුගෙන් රඳවාගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ මොහොතේ හෝටලයේ සාදය පිළිබඳව ඔහු හෙළි කර ඇත.

මේ අනුව එම හෝටලය පරීක්ෂා කළ මොහොතේ එහි සිටි අඟුලාන පොලිසියේ කොස්තාපල්වරයා ළඟ සහ සෙසු සැකකරුවන් ළඟ තිබූ තූල් නැමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3600ක පමණ ප්‍රමාණයක් සහ හෑෂ් මිලිග්‍රෑම් 400ක් සොයාගෙන තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment