නිල් මහ සටනට යළිත් ඩයලොග් අත හිත

93

මෙරට දීර්ඝතම ඉතිහාසයක් සහිත ‘නිල් මහා සටන’ මහා ක්‍රිකට් සංග්‍රාමය සඳහා 19 වැනි වසරටත් ඩයලොග් ආසිආටා පී. එල්. සී අනුග්‍රාහකත්වය පිරිනැමීමට කටයුතු යොදා ඇත.

දිවංගත ඩී. එස්. සේනානායක අනුස්මරණ පළිහ වෙනුවෙන් කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සටන් වදින මෙම තරගය මාර්තු 7, 8 සහ 9 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර තරගයේදී, ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම මහිත් පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර, රාජකීය කණ්ඩායම තරගයට අවතීර්ණ වන්නේ 19 න් පහළ කඩුලු රකින ක්‍රීඩක සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුවය.

මෙම තරගයේදී බිඳ වැටෙන සෑම කඩුල්ලක් වෙනුවෙන්ම රු. 10000 ක මුදලක් හා රැස් කරන සෑම ලකුණක් වෙනුවෙන්ම රු. 1000 ක් වෙන් කිරීම සඳහා ප්‍රතිඥා දෙමින් Play for a Cause වැඩසටහන ද ආරම්භ කර ඇති අතර, ඉකුත් වසරේ ඒ වෙනුවෙන් රු. 1,128,000 ක මුදලක් පිරිනමනු ලැබිණි. එම මුදල, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති සහ ශාන්ත තෝමස් විදුහලේ විදුහල්පතිගේ උපදෙස් මත පාසල් 4 ක් සඳහා පරිත්‍යාග කෙරිණි.

වසර 144 ක වර්ණවත් ඉතිහාසයකට හිමිකම් කියන රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය, දිර්ඝතම කාලයක් මුළුල්ලේ අඛණ්ඩව පැවැත්වෙන, ලොව දෙවැනි ක්‍රිකට් තරගාවලියයි. එය දෙවැනි වන්නේ ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් හි St.Peters හා Prince Alfred යන විදුහල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට පමණි. ඒ, රාජකීය හා ශාන්ත තෝමස් තරගය ඇරඹීමට වසරකට මත්තෙන් ඉහත තරගාවලිය ආරම්භ වී ඇති බැවිනි. කණ්ඩායම් දෙක අතර රෝයල් – ශාන්ත තෝමස් ක්‍රිකට් එදිරිවාදිකම ලෝකයට ප්‍රසිද්ධව ඇත්තේ, ඔස්ටේ්‍රලියාව හා එංගලන්තය අතර කීර්තිමත් අළු බඳුන තරගාවලියටත් පෙර සිටය.

රාජකීය – ශාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගයෙන් බිහි වූ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර, පසු කලෙක මේ රට පාලනය කිරීමට වරම් ලැබුවෝ ද වූහ. නිදහසින් පසු ලංකාවේ අගමැතිවරුන් වූ, දිවංගත ඩී. එස්. සේනානායක අනුමස්රණ පළිහ පිරිනමමින් සිහිපත් කරන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා සහ ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමා ශා. තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා හා ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රාජකීය විදුහල නියෝජනය කරමින් ද කලෙක මෙම ඓතිහාසික නිල් මහ සටනට ක්‍රීඩා කළහ.

මෙවර තරගය Dialog Television – ThePapare TV HD (නාලිකා අංක 126) ඔස්සේ මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ සජීවීව විකාශය කෙරේ. විදුහල් දෙක අතර Mustangs කුසලානය වෙනුවෙන් වන සීමිත පන්දුවාර තරගය මාර්තු 16 වැනිදා එම
ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment