මෝදිගේ මව දිවි ගමන නිම කරයි

175

මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැඳුණා – මෝදි කියයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වූ හීරාබෙන් මෝදි මහත්මිය මියගොස් තිබේ.

බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැඳුණු බව සිය මවගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු ලෝක නායකයන් රැසක් ඇයට සුවය පතා පණිවුඩ නිකුත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment