යුරෝ මිලියනයක ව්‍යාජ මුදල් නෝට්ටුවක් රුපියල් කරන්න පැමිණි දෙදෙනා දැලේ

1029

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අ‍ංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 25 වැනි දින දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ ගුවන් පාලම අසල මහවෙල පටුමගට හැරෙන හන්දිය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී යුරෝ මිලියනයක වටිනාකමක් ඇති බවට ස`දහන් කරමින් ව්‍යාජ ආකාරයෙන් සකස් කරන ලද මුදල් නෝට්ටුවක් සන්තකයේ තබා ගැනීම සහ තවත් පාර්ශ්වයකට වංචනික ලෙස ශ‍්‍රි ලංකා වලංගු මුදල්වලට හුවමාරු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 කාන්තාවක් සහ කොටුගොඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත බාරදී ඇත.

සැකකරුවන්ගෙන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරිමේදී මෙම මුදල් යුරෝපීය රටවල ජාලගතව මුදල් වංචාවේ යෙදෙන පුද්ගලයන් මාර්ගයෙන් ලබාගත් බවට ප‍්‍රකාශ කර ඇත.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment