යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීම අද සහ හෙට

155

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය අද (21) සහ හෙට (22) දෙදින හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

බාලක සහ බාලිකා තරග ඉසව් වෙනුවෙන් දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩීකාවන් තෝරා ගැනීම මෙහිදී සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා අයැදුම්පත් භාර ගැනීම පෙබරවාරී 10 දක්වා සිදු කෙරිණි. 2006 සහ 2007 යන දෙවසර තුළ උපත ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මේ සදහා සහභාගි වේ. අප්‍රේල් මස 20,21,22,23 උස්බෙකිස්ථානයේදී පැවැත්වෙන ආසියානු යොවුන් ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම තෝරා ගැනීම මෙම පරීක්ෂණය ආශ්‍රිතව සිදු කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment